( පුත්තලම / එච්. චන්දන )
සිය බිරිඳට රීප්ප පටියකින් පහර දී ඝාතනය කළ තිදරු පියකුට අද (23) පුත්තලම මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා මරණීය දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණ දඩුවම නියම වුයේ මුන්දලම පොලිස් වසමේ කරුංගල්චෝල පදිංචිව සිටි ඇල්බට් නිලංගන් (37) නැමති අයකුටයි.
මෙම තැනැත්තා නිරන්තරවම මතට ඇබ්බැහිව තම දරුවන්ට හා බිරිඳට සිට පහර දෙන අතර සිද්ධිය වූ දින 2017 සැප්තැම්බර් 16 හෝ ඊට ආසන්න දිනයකදී මුන්දලමකරුංගල්චෝල තම නිවසේදී බිරිදට රීප්ප පටියකින් හිසට පහරදී ඝාතනය කිරීම සම්බන්ධව චුදිතයාට එරෙහිව අධි චෝදනා පත්‍ර ගොනු කර තිබිණි.
සිද්ධිය වූ දින ද දරුවන් ගෙට දමා දොරවල් වසා , බිරිදට රිප්ප පටියකින් හිසට පහරදී තුවාල සිදුකර අසල වැවකට දමා ඇත.
මෙය දුටු දරුවන් හා සහෝදරයා තුවාලකාරිය රෝහල් ගත කර ඇති අතර මාස දෙකකට පසුව තුවාලකාරිය මරණයට පත්වී ඇත.
මෙම නඩු විභාගයේ සියළු සාක්ෂි හා වෛද්‍ය සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති නිසා චුදිතයාට මෙම මරණ දඩුවම නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
විත්තිය වෙනුවෙන් නිතිඥ අශ්නාන් පසාල් මහතාද, රජයේ අධි නිතිඥ විරේන් නානායක්කාර මහතා රජය වෙනුවෙන් සාක්ෂි මෙහෙය විය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බිරිඳට රීප්ප පටියකින් පහරදී ඝාතනය කළ අයෙක්ට මරණ දඬුවම
Amila Friday, 23 August 2019 12:42 PM
අයියෝ එල්ලනවා නම් මෙන්න හොඳ අවස්ථාවක්...
Raveendra Friday, 23 August 2019 03:32 PM
පිරිමිකමට නින්දාවක් කර ඇති මෙවන් නිවටයන් අසූචි වලවල්වල ගිල්වා ප්‍රාණය නිරුපද්‍රිත කළයුතුයි.
ලසන්ත Saturday, 24 August 2019 12:57 AM
පසුගිය දිනක වාර්තාවක් තිබුනා පුත්තලමට ආවේනික සතුන් වර්ගය වඳවෙමින් යනවා කියල.
sisira Saturday, 24 August 2019 06:59 AM
ඉතාමත් අගය කළයුතු තීන්දුවක්. බොහොම කාලයකට පසු සිද්ධිය සිදුවී අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත තීන්දුවක් දුන්නා ඇහුවාමයි. නියම විනිසුරුවරයෙක්. මගෙන් මල් මිටක්...
Indunil Saturday, 24 August 2019 09:05 AM
හොඳවැඩක්... 21 මිනිස්සු මරපු අයව එල්ලන්නේ නැද්ද දැන්ම?
Chanak los angeles Saturday, 24 August 2019 09:16 PM
මෙහෙම බිරිඳට දසවද දී ඝාතනය කරන්නත් බිරිඳ එම වදබන්ධන වලට ලක්වන්නට සිදුවීමත් මගඵල ලාබියෙකුට නම් සොයා ගැනීමට අසීරු කරුණක් නොවෙයි .