නි. විදුහල්පතිනිය අල්ලස් ගෙන අතටම හසුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 23, 2017

නි. විදුහල්පතිනිය අල්ලස් ගෙන අතටම හසුවෙයි

නි. විදුහල්පතිනිය අල්ලස් ගෙන අතටම හසුවෙයි
අකුරණ ප්‍රදේශයේ පාසලක හයවන වසර සඳහා සිසුවකු ඇතුළත් කර ගැනීමට රුපියල් 7500ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ නියෝජ්‍යය විදුහල්පතිනිය හා ගුරුවරුන් දෙදෙනකු අද (23) අත්අඩංගුවට  ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මෙම විදුහලේ හයවන වසර පන්ති සඳහා ඇතුළත් වන සෑම ළමයකුගෙන්ම රුපියල් 7500 බැගින් ලබා ගැනීමට විදුහල් බලධාරීන් ක්‍රියාකර තිබෙන අතර ඒ සම්බන්ධව දෙමව්පියන් පිරිසක් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබේ.

ඒ අනුව අදාළ පාසලට ගිය විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් නියෝජ්‍යය විදුහල්පතිනිය මුදල් ලබා ගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad