ඒකාබද්දය දැන් අපේ හතුරන් නොවේ.. ඒ අය ජනපතිත්, මාත් රාත‍්‍රියේ මුණ ගැසෙනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 23, 2017

ඒකාබද්දය දැන් අපේ හතුරන් නොවේ.. ඒ අය ජනපතිත්, මාත් රාත‍්‍රියේ මුණ ගැසෙනවා..

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම තවමත් හතුරු කණ්ඩායමක් ලෙස තමන් නොදකින බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ හේවාහැට බැඹිය උනන්තැන්න පාලමට මුල්ගල් තැබීමේ උත්සවය අවසානයේ මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ඒකාබද්ධ විපක්ෂය විසින් වෙනම රැස්වීමක් පැවැත්වීමට යාම පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසූ අතර රැස්වීම් පැවැත්වීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී අයිතියක් බවත්, ඔවුන් තමන්ගේ මිත්‍ර‍ සහෝදර කණ්ඩායමක් බවත්, ඔවුන් තවමත් සතුරු කණ්ඩායමක් හැටියට නොදකින බවත් සඳහන් කළ ඇමැතිවරයා එවැනි රුස්වීමක් පවත්වන්නේ නම් එයට ආශිර්වාද කරන බවත් කීවේය.

ඉදිරි පලාත් පාලන මැතිවරණයේ දී එන්නේ කොට්ඨාශ ක්‍ර‍මයක් බව කී ඇමැතෙිවරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එහිදී එක් කොට්ඨාශයකට එක් අපේක්ෂකයෙක් පමණක් යොදවා තරග කරන නිසා කාට කාටත් එකට එකතු වී එක් අයෙකුට පමනක් අපේක්ෂකත්වය ලබා දීමට සිදුවන බව සඳහන් කළේය. පොදු විපක්ෂයේ රැළියට යන අය තමන්ව ද, ජනාධිපතිතුමන්ව ද, රාත්‍රීයට මුණ ගැසෙන නිසා ඒ පිළිබඳව ගැටළුවක් නැතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

අළුතින් ඉදිවන මෙම පාලම නිසා කොළබිස්ස, නවනැලිය හා උනන්තැන්න ප්‍රදේශවල සිට හඟුරන්කෙතට දැනට යාමට ඇති දුරවන කි.මී.26 කි.මී.06 ක් දක්වා අවම වන බවත්, මෙම පාලම සඳහා රුපියල් කෝටි 05 ක්ද, බැඹිය නවනැලිය වටපඳුර මාර්ගය සඳහා රුපියල් කෝටි 03 ක්ද වැයවන බවත් ඇමැතිවරයා ප්‍ර‍කාශ කළේය.

– සංජය දසනායක

No comments:

Post a Comment

Post Bottom Ad