සීමා නිර්ණ හිටපු සභාපති දේශපාලන වේදිකාවට නගී - ඇමැතිවරු ගැන විශේෂ හෙළිදරව්වක්!   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 23, 2017

සීමා නිර්ණ හිටපු සභාපති දේශපාලන වේදිකාවට නගී - ඇමැතිවරු ගැන විශේෂ හෙළිදරව්වක්!  

සීමා නිර්ණ හිටපු සභාපති දේශපාලන වේදිකාවට නගී - ඇමැතිවරු ගැන විශේෂ හෙළිදරව්වක්!  
අපේ රටේ ඇමතිවරුන්ගේ ඔළුවල රාජ්‍ය නිලධාරින් ගැන හැදුණු ආකෘතියක් තිබෙන බවත් තමා එය වෙනස් කළ නිලධාරියෙකු බවත් හිටපු අමාත්‍යංශ ලේකම්, සීමා නිර්ණ කමිටුවේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (22) මහරගමදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි ජාතික නියෝජිත සම්මේලනයට එක්වෙමිනි.
“ඔවුන් දකින්නේ නිලධාරින් හරියට ඉස්කෝලෙක ළමයි ගුරුවරයා නැගිටින්න කියනකොට නැගිටින, වාඩිවෙන්න කියනකොට වාඩිවෙන, අත උස්සන්න කියනකොට අත උස්සන විදිහේ පිරිසක් කියලයි. 

සමහරු නිලධාරින්ට කතා කරන්නේ බූරුවා කියලා. මම ඒක වෙනස් කළ නිලධාරියෙක්‘ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු එහිදී මෙසේද පැවසී ය.

“මෙවැනි සමුළුවක් ඇමතීම සඳහා මා වැනි සිවිල් සේවකයෙකුට ආරාධනා කිරීම පිළිබඳව ගෞරවය සහ ස්තූතිය පුද කරනවා. මගේ රාජ්‍ය සේවය අවුරුදු 36ක් පමණ වෙනවා. මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවුරුදු 14ක්ද අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලත් සේවය කළා. විශ්වවිද්‍යාලයේත් වසරක් සේවය කළා. ඒ මුළු කාලය තුළ රැස්වීම්, දේශන විශාල සංඛ්‍යාවක කතා කර තිබෙනවා. 

පරිපාලන සේවා සංගමයේ සභාපති ලෙසද වසර 05ක් සේවය කර තිබෙනවා. මේ මාගේ දේශපාලන රැස්වීමකදී සිදුකරන පළමු කථාවයි. පරිපාලන සේවයේ වුවත් අපටත් රට පිළිබඳ විශාල උනන්දුවකින් කටයුතු කරන පුද්ගලයින්. ඒ නිසා කවදා හෝ මම කතා කළානම් කතා කරන්නේත් මෙවැනි වේදිකාවක පමණයි. 

පසුගිය වසරේ විශ‍්‍රාම ගත් පසු මට බෝනස් තනතුරක් ලැබුණා. මම දැනට එහි වැඩකරනවා. එවැනි තනතුරක් දරමින් මෙවැනි රැලියක් ඇමතීමේ අවදානම දැන ගනිමිනුයි මම මේ රැස්වීම අමතන්නේ. පසුගිය සිකුරාදා වන විට සීමා නීර්ණය කොමිසමේ සභාපති වී සිටියා. නමුත් හෙට (සඳුදා) වැඩට යනවිට කුමක් වී තිබේදැයි දන්නේ නැහැ. 

සීමා නීර්ණ කමිටුව පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. නිලධාරීන් සම්බන්ධයෙන් ඇමතිවරුන්ගේ ඔළුවේ යම් අදහසක් තිබෙනවා. නිලධාරියෙක් කියන්නේ, ඉඳගන්න කිව්වම ඉඳගන්න, අත උස්සන්න කිව්වම අත උස්සන කෙනෙක් කියලා ඔවුන් හිතනවා. ඔවුන් හිතනවා, නිලධාරීන් පූස් පැටව් කියලා. විෂය භාර ඇමතිවරු එහෙම හිතාගෙන හිටියත් අපි එහෙම නෙමෙයි කියලා අපි සීමා නීර්ණ කමිටුවේදී පෙන්නුවා. 

ඇමතිතුමා කැඳවපු රැස්වීමකදී මම කිවුවා, ඇමතිතුමා කට වහගෙන ඉන්න, මට කතා කරන්න දෙන්න කියලා. ඇමතිතුමා මම එහෙම කියයි කියලා හිතුවෙ නැහැ. පස්සේ එහා අහලා තිබුණා කවුද මෙයාව සීමා නීර්ණයට නම් කළේ කියලා. අපි එයා කියන දේට යටත් වුණේ නැහැ. රාජ්‍ය සේවයේ වෙනත් ආකෘති තියෙනවා කියලා දැනගන්න ඇති. ඒ සිද්ධියෙන් පස්සෙ රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙක් මට කතා කරලා සුභපැතුවා තමන්ට ආඩම්බරයක් දැනුණා කියලා. 

මට මේ අදහස් කියන්න හිතුවේ මට අනුර දිසානායක කිවුවා මෙතන ඉන්න ග‍්‍රාමීය නායකයින්ට උත්තේජනයක් වන අදහස් කියන්න කියලා. මම දේශපාලන වේදිකාවල කතා කරලා නැති නිසා මම හිතුවා, මම ගැන කියන්න. කලකට ඉස්සර රාජ්‍ය පරිපාලන ඇමති වී සිටියා රිචඞ් පතිරණ ඇමතිවරයා. මම එවකට රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ සභාපතියි. එයා පියන්ට කියන්නේ ‘අර කාමරේ ඉන්න බූරුවට එන්න කියන්න කියලා’. එතකොට ටයි එකක් දාගත්තු මහත්තයෙක් එනවා. 

ආයි කියනවා, ‘අර දෙකේ කාමරේ ඉන්න බූරුවට එන්න කියනවා’ කියලා.  ඕන් එනවා ටයි එකක් දාගත්ත මහත්තයෙක්. ‘අර වැඳිරියෙක් ඉන්නෙ. එයාට එන්න කියනවා’ ඔන්න සාරියක් ඇඳගත්තු නෝනා කෙනෙක් එනවා. වැරදිලා වෙන කෙනෙක් ආවොත් ’ඔය බූරුවට නෙමෙයි අනික් කාමරේ බූරුවට එන්න කියනවා’ කියලා කියනවා. මම දවසක් රාජකාරි වැඩකට ගියා එතුමා මුණගැහෙන්න. මං ඉද්දිත් එහෙම කිවුවා. ඊට පස්සෙ අපේ මිනිහෙක් ආවා ටයි එකක් දාගෙන. 

මම ඇමතිතුමාට කිවුවා, ‘ඇත්තටම ඇමතිතුමා මේක ඇතුළෙ ඉන්නෙ බූරුවොම තමා’ කියලා. ඇමතිතුමා අහනවා ‘ඒ මොකද’ කියලා. මම කිවුවා, ‘නැත්තම් එන්නෙ?’ කියලා. මට කිවුවනම් කියන්නෙ ‘මේකෙ බූරුවො නෑ. ඇමතිතුමාට ගිහින් කියනවා, මේකෙ බූරුවො නෑ කියලා’. එන්නෙ බූරුවෙක් හින්දා තමයි. ඒ සිද්ධියෙන් පස්සෙ ඇමතිතුමා ඒ වචන පාවිව්වි කළාද කියලා මම දන්නෙ නෑ. 

ඒත් ඇමතිතුමා ඒ කතාවට තිගැස්සුණා. මම මේක කිවුවෙ, අපි අර සාම්ප‍්‍රදායික ආකෘතියට වෙනස් විය යුතු නිසා. සීමා නීර්ණයේදිත් අපි මේ බව පෙන්නුවා. ඒ නිසාම අපි කටයුතු කළ ආකාරය ගැන නිලධාරීන්ගෙ යම් ප‍්‍රබෝධයක් ඇති වුණා. මේක පෙරවදනක්. මම වෘත්තීය මාතෘකාවක් දාලා කිවුවා, මැතිවරණය, පුරවැසියා සහ සිවිල් බලය කියලා කතාවක් කරන්නද කියලා. ඒකට මුකුත් කිවුවෙ නැති වුණත් හෙ`ඩන් මට තේරුණා ඒක නෙමෙයි කියන්න  ඕනෑ කියලා. 

ඒත් ඒකෙ මැතිවරණය ගැන පොඩි දෙයක් කියනවා. මැතිවරණය කියන්නේ පාලන බලය මාරු කිරීමේ උපකරණය. ඉන්න අයම ඉන්නවද අලූත් කණ්ඩායමකට බලය දෙනවද කියන එක. ඒත් පාලන බලය මාරු වෙන්නේ කවුරු අතරද? ප‍්‍රාග්ධනයේ අයිතිකරුවන් අතර. එකම පංතියක් අතර තමා දෙපැත්තට මාරු වෙන්නේ. වෙනත් පිරිකට බලය මාරු වෙන්න දෙන්නේ නැහැ. මේ පුරවැසි සමිති සමුළුව පාලන බලය මාරු වීමේ සාම්ප‍්‍රදායික ස්වරූපය වෙනස් කිරීමක්. පාලන බලය එකම පිරිසක් අතර මාරුවීම නවතා දමා වෙනත් පිරිසක් අතට ගැනීමක්. 

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් පරමාධිපත්‍ය බලය පුරවැසියාට ලබා දී තිබෙනවා. ජනමත විචාරණයේදී ඍජුවත් ව්‍යවස්ථායකය මගින් වක‍්‍රවත් එම බලය ක‍්‍රියාත්මක කරනවා. හැබැයි අපට තියෙන්නේ ඡුන්දය දීමේ බලය විතරයි. ඡුන්දය දුන්නට පස්සෙ කැබිනට් මණ්ඩලය, ලේකම්වරු, සංස්ථා සභාපතිවරු පත්වෙනවා. පුරවැසියාට කිසිම බලයක් නැහැ. පුරවැසියන් කියන කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. 

පුරවැසියා පැත්තක. පුරවැසියො  ඕනෙ වෙන්නෙ ආයෙත් ඡුන්දයකදි විතරයි. මේ සමුළුව ඒ බලය මාරුවීමේ රටාව පැත්තකට දාලා වෙනත් ආකෘතියකට මාරුවීමේ ආරම්භක පියවරක්.“ යැයිද අශෝක පීරිස් මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad